This is default featured slide 1 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 2 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 3 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 4 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 5 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
Wednesday, October 28, 2020
පුස්කොළ පොත් සම්ප්‍රධාය
Tuesday, October 20, 2020
අන්තර්ජාලයේ ආරම්භය සහා වර්තමානය දක්වා ව්‍යාප්තිය
අනතර්ජාලය යනු ජාලයන් හා උපාංග අතර ප්‍රොටොකෝල භාවිතයෙන් සන්නිවේදනය සිදු කරනු ලබන එකිනෙක්ට සම්බන්ධිත ලෝක ව්‍යාප්ත පරිගණක ජාලයකි. ප්‍රොටෝකොලයක් යනු සන්නිවේදනය සඳහා විශේෂිත තාක්ෂණයක් ක්‍රියාත්මක වන ආකාරයර පාලනය කිරීමට උපකාරී වන නීති මාලාවකි. මෙම ලිපිය තුළින් ඉදිරිපත් කරන්නේ අන්තර්ජාලයේ ආරම්භය සිදු වූයේ කෙසේද සහ වර්තමානය දක්වාම එහි විකාශනය සිදු වූ ආකාරයයි.
අන්තර්ජාලයේ ආරම්භය
1960 දශකය තුළ ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ආධාර ලැබූ ව්‍යාපෘතියක් වූ APPANET ( Advanced research projects agency network ) ජාලය පරිගණක අතර තොරතුරු සෙවීමේ අලුත් මං සොයමින් කටයුතු කලේය. මෙම කාල වකවානුව තුළ එනම් 1960 දශකය තුළ Paul Baran විසින් දත්ත මත පදනම්ව පණිවිඩ කොටස් බෙදා හරින ජාලයක් යෝජනා කරන ලදී. 1965 දී පමණ Donald Davies විසින් මෙම ක්‍රමය Data gram හෙවත් packet switching ( packet switching data transfer methods) ක්‍රමයට පරිවර්තනය කරන ලදී. APPANET ජාලය පරිගණක අතර තොරතුරු හුවමාරු කිරීමට භාවිතා කළ එක් ක්‍රමයක් වූයේ මෙම data gram ක්‍රමයයි. වර්තමානයේද අන්තර්ජාලයේ තොරතුරු හුවමාරු කරනුයේ මෙම ක්‍රමය හරහාය. එබැවින් data gram හෙවත් packet switching ක්‍රමය අනුව මුලින්ම තොරතුරු හුවමාරු කළ දිනය අන්තර්ජාලයේ උපත ලෙස හදුන්වනු ලැබේ. එනම් 1969 වසරේදී ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් විශ්වවිද්‍යාලයේදීය. මෙහිදී මුලින්ම අන්තර්ජාලයට සම්බන්ධ කරන ලද යන්ත්‍රය වන්නේ Interface message processor නම් යන්ත්‍රයයි. මෙම APPANET ජාලයේ මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ ලැරී රොබට්ස් ය. එසේම මෙම data gram ක්‍රමයට පසුබිම් වන ගණිතමය සොයා ගැනීම් කරනු ලැබුවේ ඇමරිකානු පරිගණක විද්‍යාඥයෙකු වන ලෙන් ක්ලෙයින්රොක් නම් පුද්ගලයාය. එබැවින් ඔහු අන්තර්ජාල තාක්ෂණයේ පියා ලෙස සලකයි. ඔහු නොවන්නට අද අපට අන්තර්ජාල තාක්ෂණයක් නොමැති වන්නට ඉඩ තිබුණි. 1969 ආරම්භ වූ මෙම අන්තර්ජාලය වර්තමාන තත්වය දක්වාම කෙමෙන් කෙමෙන් දියුණු වන්නට විය.
අන්තර්ජාලයේ ව්‍යාප්තිය
මෙසේ අන්තර්ජාලය 1969 දී උපත ලැබූවත් එය ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත කරනු ලැබුවේ 1973 වසරේ සිටය. Internet යන වචනය භාවිතයට පැමිණියේ 1974 වසරෙදීය. නමුත් මුල්ම කාලයේදී අන්තර්ජාල තාක්ෂනයේ වර්ධනය සිදු වූයේ ඉතමත් සෙමිනි. වර්තමානයේදී අන්තර්ජාලයේ තොරතුරු හුවමාරු කරනුයේ ප්‍රොටොකොලයකට අනුවයි. මේ හරහා ජලයකින් ජාලයකට සම්බන්ධ වීමේ හැකියාව පවති. ඒ අනුව 1983 ජනවාරි 01 දින TCP ( Transmission control protocol) හා IP (Internet protocol) යන තොරතුරු සන්නිවේදන තාක්ෂණික ප්‍රමිති පළමු වරට APPANET ජාලය තුළ භාවිතා කෙරිණි. මෙම ප්‍රොටොකෝල දෙකෙහි නිර්මතෘ වන්නේ APPANET ජාලයේ මෘදුකාංග කටයුතු පිළිබඳ ප්‍රධානිය වූ වර්තමාන Google සමාගමේ සේවය කරන වින්ටන් සර්ෆ් විසිනි. මේ නිසා ඔහු අන්තර්ජාල තොරතුරු සන්නිවේදනයේ පියා ලෙස සලකයි.
අන්තර්ජාලය බිහි වීමෙන් වසර 20 පසුව එනම් 1989 වසරේ මාර්තු මාසයේදී ලෝක ව්‍යාප්ත ජාලය හෙවත් WWW (world wide web) බිහි වීම සිදු විය. මෙම ජාලයෙහි නිර්මාතෘ වන්නේ බ්‍රිතාන්‍ය පරිගණක විද්‍යාඥයෙකු වූ ටිම් බර්නස්ලි මහතා විසිනි. එසේම මෙතුමා විසින් වෙබ් පිටු සකසන භාෂාව හෙවත් html ( hyper text markup language) , http ( hyper text transfer protocol) හා URL යනදිය සොයාගන්නා ලදී. මේ නිසාම මෙතුමාට ලෝක ව්‍යාප්ති ජාලයේ නිර්මාතෘ ලෙස හදුන්වයි. ටිම් බර්නස්ලි මහතාගේ මෙම සොයාගැනීම් තුළින් පසුව අන්තර්ජාලයේ සුවිශේෂී වර්ධනයක් සිදුවන්නට විය. 1993 වසර වන විට අන්තර්ජාලය පිළිබඳ ව්‍යාපාරික අවධානය යොමු වන්නට විය. 1995 වසරෙදී ව්‍යාපාරික හා වාණිජ කටයුතු සඳහා අන්තර්ජාලයේ ඉඩ හසර වෙන් වුණි.
ඒ අනුව yahoo.com හා amazon.com යන මුල් කාලීන අන්තර්ජාල දැවැන්තයින් තම අන්තර්ජාල සේවාව ආරම්භ කරන්නට විය. මෙම ආරම්භ වීමත් සමඟම Alta vista , excite , infoseek වැනි සෙවුම් යන්ත්‍ර රාශියක් තම සේවාව අන්තර්ජාලය තුළ ආරම්භ කරන්නට විය. 1998 වසරේදී අන්තර්ජාලයේ නව පෙරලියක් සිදු කරමින් Google සමාගමේ ආරම්භය සිදු විය. 2004 වසරේදී අන්තර්ක්‍රියාකාරී වාණිජමය මුහුණුවරක් ගත් පරිශීලකයන් කේන්ද්‍ර කරගත් web 2.0 සංකල්පය සීඝ්‍ර ලෙස ජනප්‍රිය වීමේ ප්‍රතිඵලයක් ලෙස සමාජ ජාලකරණය බිහිවන්නට විය. මේ අනුව ව්‍යාප්ත වූ අන්තර්ජාලය 1995 පමණ වන විට මිලියන 16 එනම් 0.4% ප්‍රමණයක් භාවිතා කරන්නට යොමු වී තිබුණි. එය 1998 වන විට මිලියන 100 දක්වා වර්ධනය විය. 2005 දෙසැම්බර් වන විට එය බිලියන 1 වූ අතර 2010 වන විට එය බිලියන 2 ක් එනම් එය ලෝක ජනගහනයෙන් 30% පමණ විය. 2020 වන විට මෙය බිලියන 4.57 දක්වා වර්ධනය වී ඇති බව ලෝක සංඛ්‍යාංඛ පෙන්වා දී ඇත.
ඒ අනුව පෙනී යන්නේ තොරතුරු පිපාසාවෙන් පෙලෙන සමාජක් තුළ අන්තර්ජාලයේ අවශ්‍යතාවය අති මහත් බවය.
Sunday, May 31, 2020
පුස්තකාල වෘත්තීය සහ පුස්තකාල වෘත්තිකයෙකුගේ කාර්යය හා ගුණාංග
- පුස්තකාල සම්පත් හඳුනාගැනීම.
- පුස්තකාල සම්පත් අත්පත් කරගෙනීම.
- පුස්තකාල සම්පත් සංවිධානය
- පුස්තකාල සම්පත් පාඨක අවශ්‍යතා මත බෙදා හරිම
- පුස්තකාල ද්‍රව්‍ය සංරක්ෂණය
- පුස්තකාල කාර්යයමණ්ඩලය පරිපාලනය හා සංවිධානය
යනාදී ලෙස හඳුන්වා දිය හැකිය.පුස්තකාලයක් මනා ලෙස භාවිත කිරීමට නම් එය යම් කිසි පටිපාටියකට ක්‍රමවේදයකට අනුව සකස් කල යුතුය. නැතහොත් පාඨකයාගේ කාලය හා ශ්‍රමය වැය වේ.එමනිසා පාඨකයාට ඉක්මන් සේවාවක් ලබාදීමට නම් පුස්තකාලයධිපතිවරයා දැනුමෙන් හා කුසලතාවෙන් පරිපුර්ණ විය යුතුය. ආශ්‍රිත මුලාශ්‍ර වීරසිංහ,ඩබ්.කේ.එම්.එම්.කේ.(2002)පොතපත වතගොත.කැලණිය,ශ්‍රී ලංකා:කර්තෘ. ද සිල්වා,ඩබ්.එම්.(2006)පුස්තකාල වෘත්තිකයෙකුගේ වගකීම,01-09
Monday, May 25, 2020
මොකක්ද මේ අස්පර්ශ්‍ය සංස්කෘතිය කියන්නේ
මොකක්ද මේ අස්පර්ශ්‍ය සංස්කෘතිය කියන්නේ
මානව සමාජය නිර්මානණය වී තිබෙන්නේ ජාති, ආගම් , කුල, ගෝත්රර, සහ භාශාව යන සාධක මත විවිධාකාර පුද්ගලයින් හා පුද්ගල කණ්ඩායම් වල සම්මිශ්‍රණයක් වශයෙනි. සියලුම සමාජ වල සහජ උරුමයක් වශයෙන් ඒ හා සමග අත්‍යන්තයෙන් බැ දී පවතින අංගය වන්නේ සංස්කෘතියයි. කිනම් සමාජයක වුවද එකී සමාජය විසින්ම නිර්මාණය කරන ලද සංස්කෘතියක් පවති. ඉ.බි. ටයිලර් විසින් හදුන්වා දෙන පරිදි සංස්කෘතියක් යනු ඇදහිලි, කලාවන්, සාරධර්ම , සිරිත් විරිත්, හා සමාජ ගත ජීවියෙකු ලෙස මිනිසා ලබාගත් සෙසු හුරුපුරුදුයි. එනම් සංස්කෘතිය යනු අතීතයේ උරුම කරගන්නා ලදුව පසුව පරම්පරාවන් විසින් එයට අලුතින් එකතු කරන පොදු සමාජ වටිනාකම් සමූහයකි. සංස්කෘතියක් සාමාජයක් තුල බිහි වන්නේ කිසියම් පාරිසරික සධක මත පදනම් කරගෙනය. එසේම සංස්කෘතියක් කිසියම් ජන කොට්ඨාශයකට හෝ ප්‍රදේශයකට ආවේණික හෝ සුවිශේෂි දෙයක් වන හෙයින් පරිභාහිර සමාජ වලදි එය වලංගු නොවේ. සංස්කෘතියෙහි ප්‍රබේධ 2 ක් හදුනාගත ගනි.
1 . භෞතික සංස්කෘතිය2.අභෞතික සංස්කෘතිය
අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමය කියන්නේ මෙන්න මේ අභෞතික කොටසයි. එනම් ජනතාවගේ සමාජ විඥානය වශයෙන් අස්පර්ශ්‍ය සංස්කෘතිය හදුන්වයි. අස්පර්ශ්‍ය සංස්කෘතිය එකී සංස්කෘතිය අයත් සමාජය ඔවුන් ජීවත් වන වටපිටාව හා ඔවුන්ගේ ඇගයීම් නිරූපණය කරන බවත් එය නිරන්තරයෙන් සමාජය සමග බැදී පවතින දෙයක් බවද පෙනේ. සමාජ චර්යා, වත් පිලිවෙත් , හා උත්සව අවස්ථා , ස්වභාව ධර්මය හා විශ්වාස සම්බන්ධ හුරුපුරුදු , භාශාව , ප්‍රාසාන්ගික කලා, පාරම්පරික ශිල්ප ක්‍රම යනාදිය (Genaral conference of united nations education and cultural organization, 2003) අස්පර්ශ්‍ය උරුමයට අයත් වේ.
අස්පර්ශ්‍ය සංස්කෘතිය නිරන්තරයෙන් ප්‍රතිනිර්මාණය වෙමින් පවතින්නකි. අස්පර්ශ්‍ය සංස්කෘතිය තුළින් කිසියම් සමාජයක තත්කාලීන අවශ්‍යතා , සිතුම් පැතුම් , රුචි අරුචිකම් , හැකියාවන් හා ආකල්ප යනාදිය නිරූපණය කරයි. එසේම එය සමාජයන්හි පවත්නා මිනිස් ජීවිත හා බෙදී පවතින උපත, විවාහය, මරණය, ආදී ජීවන සංස්කාර චාරිත්‍ර වාරිත්‍ර , ආගමික විශ්වාස, ඇදහිලි, උත්සව ප්‍රාසාන්ගික කලා , සාහිත්‍ය, වැනි අංශ සමග ආබද්ධව පවති. මේ නිසා අස්පර්ශ්‍ය සංස්කෘතිය නිරන්තරයෙන් වෙනස් වීමට ඉඩ කඩ බොහෝය. ඒ තුළින් පවත්නා සංස්කෘතිය සංවර්ධනය, විකාශනය, වියැකී යෑම, නව සංස්කෘතියක් බිහි වීම සිදු විය හැකිය. කිසියම් සමාජයක සංස්කෘතියේ වෙනස් වීමක් වශයෙන් බොහෝ විට හදුනාගැනිමට ලැබෙන්නේ මෙම අස්පර්ශ්‍ය සංස්කෘතියේ වෙනස් වීමයි. මේ නිසා අස්පර්ශ්‍ය සංස්කෘතිය සමාජයක් සජීවි බවට පත් කරන ප්‍රධාන සාධකයක් බවට පෙන්වා දිය හeකිය.
Saturday, May 23, 2020
S.R. Ranganathan
S.R. Ranganathan (The father of library science)

Ranganathan married when he was fifteen years old in 1907. Rukmini was his wife's name. She was very devoted to Ranganathan and an able house keeper. But she died in an accident on 13 November 1928 at the Parthasarathy Koil Tank, Triplicane, Madras where she had gone for a bath. The couple had no children. Ranganathan married again in 1929 to Sarada in December 1929; she was also devoted to Ranganathan and helped him to work ceaselessly for the cause of the library profession. She even persuaded him to donate large sums of money for the Chair of Library Science in Madras University and to the Endowment. She died at the age of 78 years on 30 July