Monday, May 25, 2020

මොකක්ද මේ අස්පර්ශ්‍ය සංස්කෘතිය කියන්නේ


මොකක්ද මේ අස්පර්ශ්‍ය  සංස්කෘතිය කියන්නේ 

මානව  සමාජය  නිර්මානණය  වී තිබෙන්නේ ජාති, ආගම් , කුල, ගෝත්‍ර, සහ භාශාව  යන සාධක මත විවිධාකාර පුද්ගලයින් හා පුද්ගල කණ්ඩායම් වල සම්මිශ්‍රණයක් වශයෙනි. සියලුම සමාජ වල සහජ උරුමයක් වශයෙන් හා සමග අත්‍යන්තයෙන් බැ දී පවතින අංගය වන්නේ සංස්කෘතියයි. කිනම් සමාජයක වුවද එකී සමාජය විසින්ම නිර්මාණය කරන ලද සංස්කෘතියක් පවති. .බි. ටයිලර් විසින් හදුන්වා දෙන පරිදි සංස්කෘතියක් යනු  ඇදහිලි, කලාවන්, සාරධර්ම , සිරිත් විරිත්, හා සමාජ ගත ජීවියෙකු ලෙස මිනිසා ලබාගත් සෙසු හුරුපුරුදුයි. එනම් සංස්කෘතිය යනු අතීතයේ උරුම කරගන්නා ලදුව පසුව පරම්පරාවන් විසින් එයට අලුතින් එකතු කරන  පොදු සමාජ  වටිනාකම්‍  සමූහයකි. සංස්කෘතියක් සාමාජයක් තුල බිහි වන්නේ කිසියම් පාරිසරික සධක මත පදනම් කරගෙනය.  එසේම සංස්කෘතියක් කිසියම් ජන කොට්ඨාශයකට හෝ  ප්‍රදේශයකට ආවේණික හෝ සුවිශේෂි දෙයක් වන හෙයින් පරිභාහිර සමාජ වලදි එය වලංගු නොවේ. සංස්කෘතියෙහි ප්‍රබේධ 2 ක් හදුනාගත  ගනි.


 1 . භෞතික  සංස්කෘතිය

     2.අභෞතික  සංස්කෘතිය


අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමය කියන්නේ මෙන්න මේ අභෞතික කොටසයි. එනම් ජනතාවගේ සමාජ විඥානය වශයෙන් අස්පර්ශ්‍ය සංස්කෘතිය හදුන්වයි. අස්පර්ශ්‍ය සංස්කෘතිය එකී සංස්කෘතිය අයත් සමාජය ඔවුන් ජීවත් වන වටපිටාව හා ඔවුන්ගේ ඇගයීම් නිරූපණය කරන බවත් එය නිරන්තරයෙන් සමාජය සමග බැදී  පවතින දෙයක් බවද පෙනේ. සමාජ  චර්යා, වත් පිලිවෙත් , හා උත්සව අවස්ථා , ස්වභාව ධර්මය හා විශ්වාස සම්බන්ධ හුරුපුරුදු , භාශාව , ප්‍රාසාන්ගික කලා, පාරම්පරික ශිල්ප ක්‍ර යනාදිය (Genaral conference of united nations education and cultural organization, 2003) ස්පර්ශ්‍ය  උරුමයට අයත් වේ.

                                                    අස්පර්ශ්‍ය  සංස්කෘතිය නිරන්තරයෙන් ප්‍රතිනිර්මාණය වෙමින් පවතින්නකි. අස්පර්ශ්‍ය සංස්කෘතිය තුළින් කිසියම් සමාජයක තත්කාලීන අවශ්‍යතා , සිතුම් පැතුම් , රුචි අරුචිකම් , හැකියාවන් හා ආකල්ප යනාදිය නිරූපණය කරයි. එසේම එය සමාජයන්හි පවත්නා මිනිස් ජීවිත හා බෙදී පවතින උපත, විවාහය, මරණය, ආදී ජීවන සංස්කාර චාරිත්‍ර වාරිත්‍ර , ආගමික විශ්වාස, ඇදහිලි, උත්සව ප්‍රාසාන්ගික කලා , සාහිත්‍ය, වැනි අංශ  සමග ආබද්ධව පවති. මේ නිසා අස්පර්ශ්‍ය  සංස්කෘතිය නිරන්තරයෙන් වෙනස් වීමට ඉඩ කඩ බොහෝය. ඒ තුළින් පවත්නා සංස්කෘතිය සංවර්ධනය, විකාශනය, වියැකී යෑම, නව සංස්කෘතියක් බිහි වීම සිදු විය හැකිය. කිසියම් සමාජයක සංස්කෘතියේ වෙනස්  වීමක් වශයෙන් බොහෝ විට හදුනාගැනිමට ලැබෙන්නේ මෙම අස්පර්ශ්‍ය සංස්කෘතියේ වෙනස් වීමයි. මේ නිසා අස්පර්ශ්‍ය සංස්කෘතිය  සමාජයක්  සජීවි බවට පත් කරන ප්‍රධාන  සාධකයක් බවට පෙන්වා දිය හeකිය.


culture of sri lanka


 


 

0 comments:

Post a Comment