පුස්තකාලයධිපතිවරයා සියලුම විෂයන් පිලිබඳ හසල දැනුමකින් යුක්ත තැනැත්තෙකු විය යුතුය.පුස්තකාල සේවාවේ ප්‍රධාන අරමුණ සමාජයේ විවධ මට්ටම් වලට අයත් පාඨකයන්ගේ විවිධ තොරතුරු අවශ්‍යතා සපුරාලීමයි. පාඨකයන්ගේ තොරතුරු අවශ්‍යතා වලට සරිලන සේ දැනුම් ද්‍රව්‍ය තෝරා ගැනීම සඳහා පුස්ත්කාලයාධිපතිට මනා දැනුමක් තිබිය යුතුය.එහිදී පුස්තකාලයාධිපතිවරයාට එක විෂයක් පිළිබඳ පමණක් දැනුම තිබීම ප්‍රමාණවත් නොවේ. එහිදී පුස්තකාලයාධිපතිට හසල දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වේ.එබැවින් පුස්තකාලයාධිපතිට මනා සේවාවක් ලබා දීමට හැකිය. එපමණක් නොව පුස්තකාලයාධිපතිට පොත් තේරීම පිළිබඳවද මනා දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වේ.ඒ පුස්තකාලයට පැමිණෙන්නන් විවිධ විඥාපන අවශ්‍යතා සපුරා ගැනීමට පැමිණෙන පාඨකයන් වන නිසාය.ඒ අනුව පුස්තකාලයට අවශ්‍ය පොත් තොර ගැනීමේදී පුස්තකාලයාධිපතිට විෂය දැනුමට අමතරව කාලින වෘත්තීය දැනුම, කුසලතා හා සංයමය තිබිය යුතුය.
මානව ක්‍රියාකාරිත්වයේ තොරතුරු වැදගත් ලෙස නොසැලකෙන කිසිම ක්ෂේත්‍රයක් සෙවිය නොහැකිය.තොරතුරු මුලාශ්‍ර සහ ඒවාට ප්‍රවේශය ලබා ගත හැකි අකාරය පිලිබඳ මනා අවබෝධයක් ඇත්තේ පුස්තකාලයාධිපතිටයි. තොරතුරු අවශ්‍ය පුද්ගලයාට එම අවබෝධය නොමැති නම් ඔහු විසින් වඩාත් වෙහෙසකර හා වියදම් සහිත ක්‍රම වේදයන්ට හුරු විය හැකිය.මෙවන් අවස්ථාවකදී පුස්තකාලයාධිපතිට නිවැරදි අන්දමට මග පෙන්වා දිය හැකිය. පුස්තකාල අතර විශ්වවිද්‍යාල පුස්තකාල විශේෂ තැනක් ගනී.එය සියලුම විද්‍යාර්ථීන්ගේ දැනුම් පිපාසය නිවාලන මහඟු තෝතැන්නක් වන බැවිනි.එබැවින් එය විශ්වවිද්‍යාලයේ හදවත ලෙසද දක්වා ඇත.විශ්වවිද්‍යාල පුස්තකාලයධිපතිද විශේෂ පුද්ගලයෙක් වෙයි.ඔහු අධ්‍යන කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකි.පශ්චාත් උපාදිය ලැබුවෙකි.එබෙවින් ඔහු මහාචාර්ය වරයෙකුලා සැලකිය හැකිය.විශ්වවිද්‍යාල පනතේ දැක්වෙන්නේ විශ්වවිද්‍යාල පුස්තකාලයාධිපති විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා පරිපාලන කටයුතුවල නිරත වන නිත්‍ය නිලධාරියෙකු බවයි.නමුත් පාසල් පුස්තකාලයක , මහජන පුස්තකාලයක හෝ වෙනත් පුස්තකාලයක ප්‍රධානින් ඒ ඒ පුස්තකාල භාවිතා කරන පාඨකයන්ගේ අවශ්‍යතා අනුව කටයුතු කල යුතුය.පුස්තකාල වෘත්තිකයෙකුගේ කාර්යයන් කිහිපයක් පහත පරිදි හදුනාගත හැකිය.
- පුස්තකාල සම්පත් හඳුනාගැනීම.
- පුස්තකාල සම්පත් අත්පත් කරගෙනීම.
- පුස්තකාල සම්පත් සංවිධානය
- පුස්තකාල සම්පත් පාඨක අවශ්‍යතා මත බෙදා හරිම
- පුස්තකාල ද්‍රව්‍ය සංරක්ෂණය
- පුස්තකාල කාර්යයමණ්ඩලය පරිපාලනය හා සංවිධානය
යනාදී ලෙස හඳුන්වා දිය හැකිය.පුස්තකාලයක් මනා ලෙස භාවිත කිරීමට නම් එය යම් කිසි පටිපාටියකට ක්‍රමවේදයකට අනුව සකස් කල යුතුය. නැතහොත් පාඨකයාගේ කාලය හා ශ්‍රමය වැය වේ.එමනිසා පාඨකයාට ඉක්මන් සේවාවක් ලබාදීමට නම් පුස්තකාලයධිපතිවරයා දැනුමෙන් හා කුසලතාවෙන් පරිපුර්ණ විය යුතුය. ආශ්‍රිත මුලාශ්‍ර වීරසිංහ,ඩබ්.කේ.එම්.එම්.කේ.(2002)පොතපත වතගොත.කැලණිය,ශ්‍රී ලංකා:කර්තෘ. ද සිල්වා,ඩබ්.එම්.(2006)පුස්තකාල වෘත්තිකයෙකුගේ වගකීම,01-09
0 comments:
Post a Comment