අනතර්ජාලය යනු ජාලයන් හා උපාංග අතර ප්‍රොටොකෝල භාවිතයෙන් සන්නිවේදනය සිදු කරනු ලබන එකිනෙක්ට සම්බන්ධිත ලෝක ව්‍යාප්ත පරිගණක ජාලයකි. ප්‍රොටෝකොලයක් යනු සන්නිවේදනය සඳහා විශේෂිත තාක්ෂණයක් ක්‍රියාත්මක වන ආකාරයර පාලනය කිරීමට උපකාරී වන නීති මාලාවකි. මෙම ලිපිය තුළින් ඉදිරිපත් කරන්නේ අන්තර්ජාලයේ ආරම්භය සිදු වූයේ කෙසේද සහ වර්තමානය දක්වාම එහි විකාශනය සිදු වූ ආකාරයයි.
අන්තර්ජාලයේ ආරම්භය
1960 දශකය තුළ ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ආධාර ලැබූ ව්‍යාපෘතියක් වූ APPANET ( Advanced research projects agency network ) ජාලය පරිගණක අතර තොරතුරු සෙවීමේ අලුත් මං සොයමින් කටයුතු කලේය. මෙම කාල වකවානුව තුළ එනම් 1960 දශකය තුළ Paul Baran විසින් දත්ත මත පදනම්ව පණිවිඩ කොටස් බෙදා හරින ජාලයක් යෝජනා කරන ලදී. 1965 දී පමණ Donald Davies විසින් මෙම ක්‍රමය Data gram හෙවත් packet switching ( packet switching data transfer methods) ක්‍රමයට පරිවර්තනය කරන ලදී. APPANET ජාලය පරිගණක අතර තොරතුරු හුවමාරු කිරීමට භාවිතා කළ එක් ක්‍රමයක් වූයේ මෙම data gram ක්‍රමයයි. වර්තමානයේද අන්තර්ජාලයේ තොරතුරු හුවමාරු කරනුයේ මෙම ක්‍රමය හරහාය. එබැවින් data gram හෙවත් packet switching ක්‍රමය අනුව මුලින්ම තොරතුරු හුවමාරු කළ දිනය අන්තර්ජාලයේ උපත ලෙස හදුන්වනු ලැබේ. එනම් 1969 වසරේදී ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් විශ්වවිද්‍යාලයේදීය. මෙහිදී මුලින්ම අන්තර්ජාලයට සම්බන්ධ කරන ලද යන්ත්‍රය වන්නේ Interface message processor නම් යන්ත්රයයි. මෙම APPANET ජාලයේ මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ ලැරී රොබට්ස් ය. එසේම මෙම data gram ක්‍රමයට පසුබිම් වන ගණිතමය සොයා ගැනීම් කරනු ලැබුවේ ඇමරිකානු පරිගණක විද්‍යාඥයෙකු වන ලෙන් ක්ලෙයින්රොක් නම් පුද්ගලයාය. එබැවින් ඔහු අන්තර්ජාල තාක්ෂණයේ පියා ලෙස සලකයි. ඔහු නොවන්නට අද අපට අන්තර්ජාල තාක්ෂණයක් නොමැති වන්නට ඉඩ තිබුණි. 1969 ආරම්භ වූ මෙම අන්තර්ජාලය වර්තමාන තත්වය දක්වාම කෙමෙන් කෙමෙන් දියුණු වන්නට විය.
අන්තර්ජාලයේ ව්‍යාප්තිය
මෙසේ අන්තර්ජාලය 1969 දී උපත ලැබූවත් එය ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත කරනු ලැබුවේ 1973 වසරේ සිටය. Internet යන වචනය භාවිතයට පැමිණියේ 1974 වසරෙදීය. නමුත් මුල්ම කාලයේදී අන්තර්ජාල තාක්ෂනයේ වර්ධනය සිදු වූයේ ඉතමත් සෙමිනි. වර්තමානයේදී අන්තර්ජාලයේ තොරතුරු හුවමාරු කරනුයේ ප්රොටොකොලයකට අනුවයි. මේ හරහා ජලයකින් ජාලයකට සම්බන්ධ වීමේ හැකියාව පවති. ඒ අනුව 1983 ජනවාරි 01 දින TCP ( Transmission control protocol) හා IP (Internet protocol) යන තොරතුරු සන්නිවේදන තාක්ෂණික ප්‍රමිති පළමු වරට APPANET ජාලය තුළ භාවිතා කෙරිණි. මෙම ප්‍රොටොකෝල දෙකෙහි නිර්මතෘ වන්නේ APPANET ජාලයේ මෘදුකාංග කටයුතු පිළිබඳ ප්‍රධානිය වූ වර්තමාන Google සමාගමේ සේවය කරන වින්ටන් සර්ෆ් විසිනි. මේ නිසා ඔහු අන්තර්ජාල තොරතුරු සන්නිවේදනයේ පියා ලෙස සලකයි.
අන්තර්ජාලය බිහි වීමෙන් වසර 20 පසුව එනම් 1989 වසරේ මාර්තු මාසයේදී ලෝක ව්‍යාප්ත ජාලය හෙවත් WWW (world wide web) බිහි වීම සිදු විය. මෙම ජාලයෙහි නිර්මාතෘ වන්නේ බ්‍රිතාන්‍ය පරිගණක විද්‍යාඥයෙකු වූ ටිම් බර්නස්ලි මහතා විසිනි. එසේම මෙතුමා විසින් වෙබ් පිටු සකසන භාෂාව හෙවත් html ( hyper text markup language) , http ( hyper text transfer protocol) හා URL යනදිය සොයාගන්නා ලදී. මේ නිසාම මෙතුමාට ලෝක ව්‍යාප්ති ජාලයේ නිර්මාතෘ ලෙස හදුන්වයි. ටිම් බර්නස්ලි මහතාගේ මෙම සොයාගැනීම් තුළින් පසුව අන්තර්ජාලයේ සුවිශේෂී වර්ධනයක් සිදුවන්නට විය. 1993 වසර වන විට අන්තර්ජාලය පිළිබඳ ව්‍යාපාරික අවධානය යොමු වන්නට විය. 1995 වසරෙදී ව්‍යාපාරික හා වාණිජ කටයුතු සඳහා අන්තර්ජාලයේ ඉඩ හසර වෙන් වුණි.
ඒ අනුව yahoo.com හා amazon.com යන මුල් කාලීන අන්තර්ජාල දැවැන්තයින් තම අන්තර්ජාල සේවාව ආරම්භ කරන්නට විය. මෙම ආරම්භ වීමත් සමඟම Alta vista , excite , infoseek වැනි සෙවුම් යන්ත්‍ර රාශියක් තම සේවාව අන්තර්ජාලය තුළ ආරම්භ කරන්නට විය. 1998 වසරේදී අන්තර්ජාලයේ නව පෙරලියක් සිදු කරමින් Google සමාගමේ ආරම්භය සිදු විය. 2004 වසරේදී අන්තර්ක්‍රියාකාරී වාණිජමය මුහුණුවරක් ගත් පරිශීලකයන් කේන්ද්‍ර කරගත් web 2.0 සංකල්පය සීඝ්‍ර ලෙස ජනප්‍රිය වීමේ ප්‍රතිඵලයක් ලෙස සමාජ ජාලකරණය බිහිවන්නට විය. මේ අනුව ව්‍යාප්ත වූ අන්තර්ජාලය 1995 පමණ වන විට මිලියන 16 එනම් 0.4% ප්‍රමණයක් භාවිතා කරන්නට යොමු වී තිබුණි. එය 1998 වන විට මිලියන 100 දක්වා වර්ධනය විය. 2005 දෙසැම්බර් වන විට එය බිලියන 1 වූ අතර 2010 වන විට එය බිලියන 2 ක් එනම් එය ලෝක ජනගහනයෙන් 30% පමණ විය. 2020 වන විට මෙය බිලියන 4.57 දක්වා වර්ධනය වී ඇති බව ලෝක සංඛ්‍යාංඛ පෙන්වා දී ඇත.
ඒ අනුව පෙනී යන්නේ තොරතුරු පිපාසාවෙන් පෙලෙන සමාජක් තුළ අන්තර්ජාලයේ අවශ්‍යතාවය අති මහත් බවය.
👍👍👍
ReplyDelete👍👍
ReplyDeleteGood job
ReplyDelete👍👍👍
ReplyDeleteSuperb machn
ReplyDeleteSuperb machn
ReplyDeleteThank youu
ReplyDelete👍
ReplyDeleteSupiri
ReplyDeleteSupiri
Ela
ReplyDeleteGreat 👍 keep it up 💪
ReplyDelete